Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

අන්තර්ජාලේ මඟ ලකුණු

මේකේ තියෙන්නේ වැදගත් වෙන ප්‍රයෝජනවත් වන වෙබ් ලිපින. අපිට ඩේටා හොයන්න ගියාම තියෙන්නේ කොතනද මොනාද හොයන්නේ  කියලා ප්‍රශ්න හැට හුටාමාරක් එනවා නේ. මෙන්න මෙතන තියෙනවා මං හොයා ගත්ත ටිකක්... බලන්න ප්‍රයෝජනවත් ද කියලා.


දත්ත/ වගු/ සංඛ්‍යා ලේඛන

1.ලෝක සෞඛ්‍ය දත්ත
  • ලෝකේ විවිධ සංවර්ධන තත්ත්ව මනින්න මෙය උපකාර කරනවා. ඉතාම වැදගත් වන ජනගහණ තොරතුරු අඩංගුය
http://www.who.int/gho/publications/en


. 2. මානව සංවර්ධනය 
  • මානව සංවර්ධන දර්ශකයේ වාර්තාවන් වලට යන්න
 http://hdr.undp.org/en/statistics/



 ‍3. ජනගහනය හා සංඛ්‍යා දත්ත
  •  ජනගහනය ගැන විස්තර ඕන උනාම යන්න පුළුවන් හොද තැනක් තමයි එක්සත් ජාතින්ගේ ජනගහණ වාර්තාව. ඒක වසරක් පාසා නිකුත් වනවා සෑහ වසරකම මැදදි. මේ වාර්තාව ගන්න මෙතනට ගිහාම ඔයාට ප්‍ර‍යෝජනවත් වන ලින්ක් ගොඩකුත් පෙනේවි. ඒ නිසා මෙයින් ඇතුළට ගිහින් වටපිටත් බලන්න. මේ ලින්ක් එකින් 2012 ජනගහණ වාර්තාවය යා හැකියි.

http://www.prb.org/Publications/Datasheets/2012/world-population-data-sheet/data-sheet.aspx

4. සංක්‍රමණ ගැන 

  • මේ රතුකුරුසේ තියෙන සංක්‍රමණ වාර්තා / දත්ත. 
http://www.ifrc.org/en/publications-and-reports/world-disasters-report/

5. මේක නම් හරිම ප්‍රයෝජනවත් උනා විවිධ තොරතුරු සිතියම් හොයා ගන්න. මේක මං හැමතිස්සේම පාවිච්චි කරා තොරතුරු ගන්න. ඒ කියන්නේ විකිපීඩියා මුලාශ්‍ර වලින් පස්සේ මේක තමා වැඩි වශයෙන්ම පාවිච්චි කරේ. තොරතුරු ගඟක් වගේ. ලිපියක් ලිව්වාම ඒකේ තියෙනවා මාර තොරතුරු ගොඩාක්. ඒ වගේම ඒ තොරතුරු ගත්ත තැනට ලින්ක් ඒ ඒ තැන්වල දාලා තියෙන එක මහ ලොකු දෙයක්. ඉතිං මෙතන්ට යන ඔයාට මං කියන්නේ 'සොයන්නාට සම්බ වේ' කියලා තමා .

http://www.globalissues.org/


6. ජගත් පාරිසරිස විමසුම්

 මේ තොරතුරු සදහන් වෙන සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය බ්ලොග් එකක් ගැනයි ඔත්තුව. ගිහින්ම බලන්න ආකරයක් වගේ තොරතුරු ගෙන්නක් ඇති. මෙතුමාගේ පොත් බලන අයට මේ තොරතුර වටිවි.

http://dhaneshw.blogspot.com/




විවිධ ස්ථාන/ සංචාර /

 6. සංචාරක ස්ථාන ‍/ වැදගත් තැන්
  • ඔය සංචාරක පැත්තට අදාල පිංතුර විස්තර හොයාගන්න යන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම මෙයාලා හොදම 10 ක් දක්වා විස්තර දෙනවා.
http://www.touropia.com/ 




6. නැෂනල් ජියෝග්‍රැෆික්
  •    මේ වෙබ් පිටුව මං ඉගෙන කාලේ   අන්තර්ජාලෙට ගිය විට  පුරුද්දක් වශයෙන් කියෙව්වා (බොහොම ටිකක්) . ඒ ටිකත් සැහෙන්න ප්‍රයෝජනවත් උනා ලෝකය වටා පැතුරුණු දැනුමක් හදා ගනිද්දි.
http://www.nationalgeographic.com/




7.  ස්ථාන නාමයන් ගැන
  • මේ කියන ලින්ක් එකෙන් නිදහස් වෙලාවක ගිහින් බලන්න. ඔයාගේ සාමාන්‍ය දැනීමට ලොකු ප්‍රයෝජනයක් වේවි කියලා මට නම් ෂුවර්.. මේක හොයා ගත්තේ මේ බ්ලොග් එක ලියන්න ගිහින්. මෙතන තියෙන්නේ ස්ථාන නාම ගැන ලෝකයේ තියෙන. ඒවා ගැන මොනාවාම හරි හැදින්වීමකුත් එක්ක.
http://world-geography.org/ 


*ශබ්ද මාලා/ ශබ්ද ෝෂ/ පද අරුත්

1. භුගෝල විද්‍යා ග්‍රොසරියක් (පාරිභාශික ශබ්ද මාලාවක්)

අපිට සමහර වේලාවට සමහර භුගෝල විද්‍යාවේම වචන තියෙනවා ඉංග්‍රීසි වචනය හොයා ගන්න අමාරු. මේ වේලාවට විශානුබද්ධව ලියවිච්ච ග්‍රොසරියක් තමයි බලන්න ඕනා. එහෙම එව්වා ඉතිං ඔයා අතමානේ තියාගෙන නෑනේ. අන්තර්ජාලේ ඔයා වෙනුවෙන් භුගෝල විද්‍යා ‍පාරිභාෂික පද මාලාවක් තියෙනවා පහත ලිපිනයේ. මං නිකම් දැක්කා විතරයි. ඔයාට ඕනා වෙයිද කියලා ගිහින් බලන්න.

http://www.suvahas.vidumanpetha.com/geo/index.php




*අමතර කියවන්න.

1. මේක  ලංකාවේ පුරා විද්‍යාව හා ඉතිහාසය ගැන සිංහලෙන් ලියවිච්ච වෙබ් එකක්. භූගෝලය  ඉතිහාසය එක්ක තියෙන නෑ කම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සිද්ධියක් කාලය මතින් ගැළුවොත් ඒක අයිති වෙන්නේ ඉතිහාසෙට එත් අවකාශය මතින් ගැළුවොත් ඒක අයිති වෙන්නේ භූගොලයට කියලා කිව්වට අපි දෙගොල්ලෝම කාලය හා අවකාශය ගැන තමයි හොයන්නේ. එත් එතනදි එයාලා අපිට වඩා කාලය කියන දේ තකනවා. අපි අවකාශය කියන‍දේ තකනවා.  ගිහින් කියවන්න. එතනට ගිහින් කියවලා බලන්න මට විස්වාසයි ඔයා මොනවාම හරි දෙයක් කියවනවා භූගෝල විද්‍යාව ගැන.

http://si.archaeology.lk/





මට ප්‍රයෝජනවත් වන මෘදුකාංග.

 ේ සටහන ලියා පල කරන අවස්ථාව වන තුරුත් මා ‍පහත සදහන් මෘදුකාංග වලින් කාර්යයන් ඉටු කර ගන්නා අතර මට කීමට ඇත්ඒවා මා පාවිච්චි කිරීේදි ඉතා ොදින් මට අවහ්‍ය කාර්ය කර දුන් බවය. ඒවා ඔබටද භාවිතා කළ හැකි නමුත් ඉන් සිදුවන ප්‍රථිපල ඒවායින් ඔබ කරන කාර්යන්හි වගකීම මා ගන්ේ නැත. එමෙන්ම මීට වඩා ොද කාර්යක්ෂම මෘදුකාංග තිබිය හැකි ය.



1. Pdf  වර්ඩ්  වලට  හරවන්න

මේක  භාවිතා කරන්න වෙන්නේ සමහර ඊ-පොත් සටහන් වාර්තා ප්‍රින්ට් කරන්න කලින් ටිකක් එඩිට් කරන්න ගිහාම.

      මේ මෘදුකාංගය තමයි දැනට මං භාවිතා කරන හොදම එක. හැබැයි  පුංචි අවුලක් තියෙනවා. පළවෙනි පාර මෙයා ඔයාට නිකම්ම වැඩේ කරලා දෙයි. පස්සේ එයා අහනවා පාස්වර්ඩ් එකක්/ නැත්නම් කෝඩ් එකක්. මේක ගන්න වෙන්නේ අන්තර්ජාලයෙන්. ඒක ගන්න නම් ඔයා පුංචි ගාණක් හදලා දෙන්න ඕනා. මොලේ ටිකක් වෙහෙස කරලා ඒ ගන්න කෝඩ් එක එක වතාවක් භාවිතා කරන්න පුළුවන්. අනික ස්කෑන් කරපු ඩොකියුමන්ට් වගේ නම් ඒකෙන් වර්ඩ් කරන්න බෑ. 

http://www.hellopdf.com/download.php

2. විඩියෝ එකක් තවත් විඩි‍යෝ ෆොමැට් වලට හරවන්න 

ඕනා වෙන්ේ අපි විවිධ කටයුත් සදහා ගන්න වීඩිෝ වල ොමැට් එක වෙනස් කරන්න ඕනා උනාම හා ඒවාේ ප්‍රමාණයන් වෙනස් කරන්න ඕනා උනාම. 
  මං පුරුදවෙලා හිටියා යු-ටියුබ් එකෙන් විවිධ නගර / විවිධ ස්ථාන නරඹන්න. ඒවා ටිකෙන් ටිකෙන් මපෙන් ඩ්‍රයිව් එපරිගණකේ ඉඩ වැඩි වශයෙන් ගන්න ගද්දි තමා ේක මට උදව් උේ. 

http://www.eusing.com/free_video_converter/updatev15.htm


3. සිංහලෙන් ලියන්න බරි නම් සිංග්ලිෂ් වලින් ...

සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න දන්නවා නම් (ෆොන් එකෙන් මැසේජ් ලියන්නා වාගේ ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ලියන්න දන්නවා නම්) භාවිතා කරන්න පුළුවන්  මෘදුකාංගයක් ගැන එය භාවිතා කරන ආකාරයත් සමඟින්ම කියා තිබෙනවා. සහෝදර බ්ලොග් අඩවියක් වන Sinhala LMG කියන බ්ලොග් එකේ ලිපියකට තමයි මේ ලින්ක් එක. ගිහින් බලන්න සිංහලෙන් ටයිප් කරන්න ලේසි වේවි.

http://sinhalalmg.blogspot.com/2012/12/sinhala-Type-sinhala-Typing.html?showComment=1357895425079#c5003632484239182517



8 comments:

  1. පුළුවන් හැම විටම මේක යාවත්කාලීන කරනවනම් ගොඩක් වැදගත්

    ReplyDelete
  2. ඔව් එහෙම තමයි හිතා ගත්තේ.. ස්තූතියි ආවට මේ පැත්තේ.

    ReplyDelete
  3. ගොඩක් වටින තොරතුරු එකතුවක්
    ස්තුතියි PM

    ReplyDelete
    Replies
    1. මාත් ඔබට ස්තූති කරනවා. වටිනා බ්ලොග් එකක් ලියනවාට. ඒකෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සරහටත් ඔබ ඒ වටින බ්ලොග් එකෙන් ආධුනිකයන්ට ලොකු උදව්වක් කරාවි.
      සුබ දවසක් යාළු!

      Delete
  4. අද තමයි මට මේක හමු උනේ. ඔබේඋනන්දුව හොඳයි හොයල බලන්න තරම් කරුණු තියෙන බව පෙනෙනවා.මට නම් භූගෝලය ගැන සාමාන්‍ය දැනුමක් තමයි තියෙන්නේ. අවුරුදු 46කට ඉස්සර වෙලා ආර්ථික භූගෝල විද්‍යාව කියල විෂයයක් නම් කෙරුව.ලිපි කියවල පසුව ඒ ගැන ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් වලටත් මෙහි ආවාටත්. නිවාඩුව කියවලා කියන්න ඔබේ අදහස්. ඔබගේ අදහස් අනිවාර්යෙන් ඉතාම වැදගත් වේවි. අවුරුදු 46කට කලින් මේ දේවල් ඉගෙන ගත් කෙනෙක් මෙහි ඒම මට ලොකු සතුටක්. ආයෙත් වෙලාවක මහපොළොවට ඇවිත් යන්න එන්න.

      Delete
  5. ඇත්තටම මේ හැමදේම උතුම්....

    ReplyDelete
    Replies
    1. චතුරංග බොහොම ස්තූතියි ඇවිත් අදහස් දැක්වුවාට. ඔබට මේ තොරතුරු ප්‍රයෝජනවත් වුවා නම් මට සතුටක්. ආරාධනා කරනවා ආයෙත් වෙලාවක ඇවිත් යන්න එන්න කියලා මේ මහපොළවට.

      Delete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...