Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Saturday, December 15, 2012

වෙරළ ඛාදනය නිසා ඇති වන නිධි සාදිත භූ රූප:


          ලංකාව දුපතක් නිසාත් උප මහද්වීපයට ආසන්නයේ පිහිටා ඇති නිසාත් බොහොමයක් හොදින් නිධි සාදිත භූ රූප දැක ගන්න වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. තරංග ඛාදනයේදි හා නිධි සාදනයේදි  ලංකාවේ දකුණු කොටස ප්‍රසිද්ධ වෙන්නේ බොහොදුරට ඛාදිත භුරූප සදහා වගේම වයඹ දිග කොටස වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ නිධිසාදිත භූ රූප වලටයි. දකුණෙන් රට ගෙවෙනවා වගේම පුත්තලම වගේ පැති වලින් රට නිර්මාණය වෙන්නේ ඒකයි. මේ රෑපෙන් වෙරළ අසල පැතිකඩක් පෙන්නන්නයි මං උත්සාහා කරන්නේ. රූපය මං ඇන්දේ භෞතික භූ ගෝල විද්‍යා (1) ග්‍රනථයේ 384 පිටුව බලාගෙනයි.

48

වෙරළ නිධිසාදිත භූ රූප:-
    • වැල්ල ( beaches)
    • වැලි පර හා වැලි තුඩු (Bars and spits)
    • ටොම්බොලෝ ( Tombolo)
    • වෙරළබඩ පර (offshore bars)
    • කලපුව( Haffs)
    • මඩතලා

1. වැල්ල (කොකු වැලි තුඩු හා බාධක වැල්ල)

       මෙය ඉතාම පහසුවෙන් දැකිය හැකි සුලබ වෙරළ නිධි සාදනයයි. වඩාත් හොදින් පවසන්නේ නම් වැල්ල යනු  ඉහළ ජල මට්ටම හා පහළ මට්ටම අතර  පිහිටා ඇති අෂ්ටිල නිධි හා වැලි නිධි වේ. (පාරිසරික භූගෝල විද්‍යාව(උ/පෙ) අ.ප්‍ර.දෙ.78පිට )
       වැල්ල මුහුදත් ගොඩබිමත් අතර පිහිටි ප්‍රදේශයකි. මෙය වැලි හා මටසිලිටි කුඩා ගල් කැබලි වලින් සමන්විත වේ. විශේෂයෙන් ම ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නව පිහිටි  ‘පරවි දුපතේ’ සම්පුරුණ වැල්ල සැදී ඇත්තේ මළ කොරල් වලින් ය. තරංග ඛාදනයේ භාරය වන ‘වැලි’ තැම්පත් වී ඇති ආකාරය අනුව වැල්ල වර්ග කිහිපයකට බෙදා ගත හැක. වෙරළ පැතිකඩක ප්‍රධාන කලාප 06ක් හඳුනා ගත හැකිය. වැඩිදුර දැනුම සඳහා කියවන්නට හැකි හොදම සටහන සෙනෙවි එපිටවත්ත මහතා විසින් රචිත භෞතික භූගොල විද්‍යාව 1 ග්‍රන්ථයේ 09 වැනි පරිච්ඡේදය යි. එහි සඳන් ආකාරයට වැලි වර්ග කිරීම පිලිබඳ 9.1 වගුව මෙසේ උපුටා දක්වමි.

කැට වල නම පුමාණය(මිලි මීටර) රැඳි තිබිය හැකි කෝණය (අංශක වලින්)
ඉතා සියුම් වැලි 0.0625-01.125 1
සියුම් වැලි 0.125-0.25 3
මධ්‍යම ප්‍රමාණ වැලි 0.25-0.50 5
රළු වැලි 0.50-1.00 7
ඉතා රළු වැලි 1.00-2.00 9
ධාන්‍ය බඳු කැට 2.00-4.00 11
දුනු ගල් කැට 4.00-16.00 17
අත් ගල් 16.00-256 24
දෑත් බර ගල් 256 ට වැඩි 25


        කඩතොළු සහිත වෙරළට ගංගා එක්වන ‍බොහොමයක් අවස්ථාවලදි කුඩා ප්‍රමාණයක වැල්ලක් ඇති වේ. මේවා ‘මඩිහ වැල්ල’ (Pocket Beach) නමින්ද හැදින්වේ.



  • බොකු වැල්ල. (බොකු ආශ්‍රීත වැල්ල වේ. බොක්කක ඇති අවාන් හැඩය නිසා බොක්කක් කාරා ගමන් කරන තරංග වල බලය ක්‍රමයෙන් අඩුවේ. මේ නිසා බොකු ආශ්‍රීතව වඩා ප්‍රබල වන්නේ නිධි සාදන ක්‍රියාව ය. )

  • කුණාටු වැල්ල.(කුණාටු ඇති වන අවස්ථා වල දී ඒ මඟින් ගෙනෙන වැලි නිධි සාදනය වීම නිසා සෑදේ. වඩදිය මට්ටමටත් වඩා ගොඩබිම දෙසින් ඇති බිමේ නිධි සාදනය කරයි. එමෙන්ම මෙ වැල්ල පළල් කරනු ලැබේ. එසේ වන්නේ වඩදිය අවස්ථාවේ නිධි සාදනය කරනවාට වඩා දුරින් නිධි සාදනය කරන නිසායි.) 


  • තැම්පතු වැල්ල.( මෙය සාමාන්‍ය පරිදි දෛනිකව සිදුවන්නක් වේ. )


2. වැලි පර හා වැලි තුඩු

         වැලි පරයක් නිර්මාණය වන්නේ වෙරළට නැත්නම් ගොඩ බිමට සමාන්තරව පටු හා දිගටිව වැලි නිධි ගත වීමෙනි. මෙහි වැලි මෙන්ම බොරළු වැනි දේ ද අඩංගුවේ. වෙරලේ ස්වභාවය අනුව වැලි පරයේ නිර්මාණ ක්‍රියාවද සිදුවේ. එනම් වෙරල කඩතොළු නම් වැලිපර ද වැඩියෙන් පිහිටිය හැක. වැලිපර වක්ව පිහිටන විට  ‘වක්වැලි වැටි’ යනුවෙන් හැඳින්වෙන අතර වක් වැලිපරයේ හැඩය වක් බව වඩාත් ප්‍රකට කරන විට එනම් කොක්කක් මෙන් සෑදි ඇති විට එය ‘කොකු තුඩු’ ලෙසින්ද හැඳින්වේ. මෙවැන්නක් තව දුරටත් බොක්කක් හරහා වර්ධනය වන වී  කෙළවරින් නැවත ගොඩබිමට සම්බන්ධ වු විට බොක්කේ දොරටුව ඇහිරෙන අතර මෙම ලක්ෂණය ‘බොකු මුව පරය’ / ‘බාධක පරය’ ලෙසින් හැදින් වේ.
උදාහරණ: ලංකාවේ පුත්තලම කලල්පිටිය වැනි ප්‍රදේශවලදි ඉතා හොදින් දැක බලා ගත හැක.

 3.ටොම්බොලෝ
         ටොම්බොලෝ කියන්නෙ ගොඩබිමට ආසන්නයේ ඇති දුපතක් අතර වැලිපරයක් වර්ධනය වීම නිසා ඒ වැලිපරය මඟින් ඒ දුපත හා ගොඩබිම එකට යා විමයි. ඒ නිසාවෙන් කලක් යද්දි ටොම්බොලෝවක් නිසා දුපතයි ගොඩබිමයි යා වෙනවා. මේ වගේ ඒවා ලංකාවේ වයඹ දිග වෙරලේ ඇති බව මා කාලෙකට කලින් අසා ඇතත් දැක නැත. කාලයක් තිස්සේ නිරික්ෂණයෙන් දැකිය හැකි මෙවන් භූ රූප නම් වශයෙන් හැදින්වීමට දුශ්කරය.

125

               මං මේක ඇන්දේ අදහස පැහැදිලි වෙන්න.. කොහොමත් ටොම්බොලාවක් කියලා ඔයාලාට රූප පෙන්නන්න බෑ. මොකද එහෙම රූපයක් පෙන්නන්න ගියොත් වෙන්නේ ඔයාට බලා ගන්න අරලංකාවේ සිතියමේ පුත්තලම හරියේ තියෙනවා නේ නිකං ‘අන්ඩක්’  (මේ වචනය මං මෙතන පාවිච්චි කලාට ඔයා කාටවත් පැහැදිලි කරද්දි පාවිච්චි කරන්න යන්න නම් එපා) වගේ  දිගට කලපුවක් හැදිලා. ඒවගේ අන්ඩක් තමා. නැත්නම් ගොඩබිමට හෝ වෙරළට ළඟ දුපතක්. ඉතිං මේක සෑහෙනවා ඒ කවරටත් වඩා.(ඔය දුඹුරු පාට තිත් වැලි කියලා හිතා ගන්න.) ඔන්න දැන් මං පහලින් දාලා තියෙන පිංතුරේ බලන්න… ඔන්න කනෝ පිනුං… පේනවා නම් බලාගං

tombologoatrock


przyladek hafun, somalia
මේ තියෙන්නේ සෝමාලියාවේ ටොම්බෝලාවක්.
739454dfeaefc3cd0468fd056bdb4f78,14,1

          උදාහරණ:  ශ්‍රී ලංකාවේ දුකුණු දිග වෙරළෙහි මාතර තංගල්ල අතර පිහිටි ‍ටොම්බොලෝව. නාසා උපුටා නසා ආයතනය උපුටා දක්වන ‍අන්තර්ජාල පිටු දක්වන ආකාරයට ආදම්ගේ පාලම හෙවත් රාමා-රාවණ යුද්ධ කතාවේදි හනුමා රාමාව ලංකාවට ගෙන ඒමට සෑදු පාලම ( මෙහෙම කිව්වත් මතක නැත්නම් මන්නරමේ ඉදලා රාමේෂ්වරම්, ධනුෂ්කෝඩි දක්වා ඇති වැලි පර ටික, මේ ටික මැදින්නේ සේතු සමුද්‍රම් හදන්න හැදුවේ) කියන්නෙත් ටොම්බෝලෝ ලක්ෂණයක් කියලා. මේක බ්‍රිටැනිකා කියන ශබ්දකෝෂය ඇතුලත් අන්තර්ජාල වෙබ් පිටුවෙත්  සදහන්.
(පුංචි කතාවක් කියන්නද? මේක මේ විශය කාරණයක් නොවේ… ටික කාලෙක ඉදන් හිතේ තියෙන දෙයක්. හනුමා  ඒ කාලේ වැඩ කරලා තියෙන්නේ ‘නොකියා’ සමාගමේද මංදා.  ඒ ආදම්ගේ පාලම මට ‍පේන්නේ අර ‘නොකියා සිම්බල්’ එක වගේ. අර ලොකු අතකට පොඩි අතක් දෙන්නේ… ෆොන් එක ඔන් ඔ‍ෆ් වෙනකොට තියෙන්නේ… හික්ස්…ය ලොල්ය…)

AdamsBridge-745948
      
      ගුගල් මැප් වලින් හොදින් බලා ගන්න පුළුවන්… ‘ram sethu bridge’ කියලා හෙව්වොත් පෙනේවි…. ලස්සන දුපත් ටික.


4.කලපුව
          වෙරළ ආසන්නයේ පිහිටි තුන්පැත්කින් මුහුදින් වටවුත් එකි දිශාවකින් සාගරයට විවෘත වුත් කිවුල් ජලය සහිත පහති බිම් ප්‍රදේශය කලපුවකි. දැන් කට්ටියට මතක් වෙන්න ඕනා ‍ඇයි යකෝ බොක්ක කියලා ගිය පෝස්ට් එකේ ලිව්වෙත් ඕකනේ. බොක්කත් තුන් පැත්තනික් ගොඩබිම. එක පැත්තකින් සාගරයට සම්බන්ධ වෙනවා. දැන්, සාලයයි හුරුල්ලායි එකට තියලා අපේ අම්මා මගෙන් මේකා මොකාද කියලා ඇහුවා වගේ ඔයාගෙනුත් ඇහුවොත් බොක්කයි කලපුවයි වෙන් කරලා හදුන්වලා දෙන්න කියලා… ජංජාලයි…කලපුවක් බොක්කට වඩා වෙනස් වෙන්නේ කලපුවක් කාලයකට විතරයි මුහුදට සම්බන්ධ වෙන්නේ… බොක්ක ඉතිං සදාකල් ඇරිලා නේ.. දෙකේ වෙනස එකයි. අනික තමයි බොක්කක කට වැහුණම එහෙම නැත්නම් ඇහිරුණාම තමයි ඒකට කලපුවක් කියලා කියන්නේ.
        බොක්කක මුව ඇහිරෙන්නේ කොකු වැලි තුඩුවක් බොක්ක හරහා වර්ධනය උනාම. නමුත් එහෙම බොක්කක මුව අහුරා දමන වැලි පරයක් හදුන්වන්නේ කොකු වැලි තුඩුව කියලා නෙවේ, බොකු මුව පරය කියලායි. අනුතීර ප්ලාවිතය නිසාත් කලපු නිර්මාණය වනවා. අනුතීර ප්ලාවිතය කියන්නේ මෙහෙම දේකටයි.
               ඔයා දන්නවා මුහුදු රළ එනවා පෙරළි පෙරළි වෙරළට…ඊට පස්සේ මේවා ආයේ සාගරයටම ඇදිලා යනවා නේ (නැත්නම් ඉතිං මෙච්චර වෙලා ආපු රළ වෙරළේ ගොඩගහලා තියෙන්න එපැයි. එහෙම ආපහු ඇදිලා යද්දි වෙරළ ඛාදනය කරනවා. මේ ආපහු ගලන සිද්ධියට කියන්නේ ‘පිරි සෝදාව’ කියලා) ආන්න එහෙම ඇදිලා යද්දි ‍තවත් වෙරළ බලා එන රළක හැප්පෙනවා.ඉතිං මේ රළ දෙක එකට හැප්පුනාම අර පිරිසෝදාවෙන් අරන් ගියාපු වැලි පස් එහෙම එහෙමම තැම්පත් වෙනවා.  මේවා තැම්පත් වෙන්නේ වෙරළට සමාන්තරව… එහෙම තැම්පත් වෙන වැලි පර වලට තමයි ‘අනුතීර ප්ලාවිතය’ කියන්නේ… මේක සාමාන්‍ය වෙරළ ක්‍රියාවලියක්.  කාලයක් මේ විදිහට  වැලි තම්පත් උනොත් බොක්කක් ලඟ ජලය අඩු වෙලාවට මේ වැලිපර ස්මතු වෙලා රළවලට බාධකයක් ලෙස පිහිටනවා… දැන් ඔයාට මේ කලපුවේ සීන් එක තේරෙන්න ඕනා.
     ‍කලපු නිර්මාණය සදහා බලපානු ලබන්නේ තරංග ම පමණක් නොවුණ ද තරංග නිධි සාදිත ද්‍රව්‍ය කලපු වල තැම්පත් වේ.
උදාහරණ:
පුත්තලම හා මඩකලපුව ලංකාවේ පිහිටි කලපු වලට නිදසුන් වේ.
Batticaloa_Dixstrict


5.වෙරළබඩ පර
              වෙරළට මඳක් ඈතින් මිටි වැලි පර නිර්මාණය වේ. ඒවා හදුවන්නේ වෙරළබඩ පර ලෙසය. වෙරළට එන රළ ආපසු ගසා ගෙන යද්දි  අරන් යන වැලි නැවත එන රළක් එක්ක හැප්පිලා යන හංදා (අනුතීර ප්ලාවිතය..) එහෙම රළ දෙක හැප්පෙන තැන වැලි ටික තැම්පත් කරනවා. වෙරළට නුදුරු මුහුදේ මේ ආකාරයට කාලයක් තිස්සේ වැලි තැම්පත් වෙනකොට ඒවා වැලි පර ලෙස පේනවා. මේවා උසින් අඩු වැලි තලා නිසා දැකිය හැක්කේ බාදිය අවස්ථාවේ පමණක් වුවද විය හැක. අනුතීර ප්ලාවිතය නිසා ඇති වේ.

254896
          
         මේ චිත්‍රය ඇන්දේ වැඩේ තේ‍රුම් ගන්න ලේසි වෙන්න. පහල පිංතුරේ තියෙනවා මේ වගේ හැදිච්ච වෙරළබඩ පරයක  (ගුවනේ සිට  ගත්) පිංතුරයක්.
004374_55aa1c60

උදාහරණ: උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් වෙරළේ දක්නට ලැබේ.

          මේ වෙරළ ඛාදිත හා නිධි සාදිත භූ රෑප චිත්‍රපට සදහා බොහෝවිට පසුබිම් වනවා. විශේෂයෙන් ම ඉන්දියානු චිත්‍රපට ගීත පසුබිම් සදහා බොහෝ විට නොයෙක්  වෙරළ පසුබිම් වෙනවා. ඒ ගැන අවධානයෙන් සිටියොත් ඔබට එම පසුබිම් එක්ක මේ භු රූප බොහෝමයක් දකින්න පුළුවන්.

එහෙම නම් ඔන්න අදට මේ වැඩේ අහවරයි. ආයෙත් ලිපියකින් ඉක්මනින්ම මුණහැහෙමු…
සුබ දවසක් යාළුවා… ගිහින් එන්නම් !

17 comments:

  1. වටින තොරතුරු ගොඩක්..
    ස්තූතියි ගොඩක්..!

    ReplyDelete
  2. නන්දුටත් ගොඩාක් ස්තූතියි ඇවිත් කියවලා ක්මෙන්ට් එකකුත් දැම්මට.

    ReplyDelete
  3. මමත් කැමතිම විශයක්. ගොඩාක් හොඳට පැහැදිලි කරලත් තියෙනව. මගේ සුබ පැතුම් යාළුවා.

    ඔයාගෙ බ්ලොග් රොල් එකෙන් මට අමුත්තො කීප දෙනෙක්ම ආවා. ඒකටත් බොහොම ස්තූතියි. ඒ නුදු‍ටු මිතුරව බලන්න ආපුවහමයි මේ වටිනා ඉසව්ව මුන ගැහුනෙ

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අධිපතිතුමෙනි. මටත් සතුටක් මේ මහපොළොව හරහා කට්ටිය බ්ලොග් අවකාශේ සැරි සරසරනවා නම්. මං පුළුවන් හැම විටෙකම අධිපතිතුමාගේ ඉසව්වට එනවා... නොදන්න දේ රැසක් ගැන එහිදි කියවන්න දැන ගන්න පුළුවන් නිසා.

      Delete
  4. Hey man danan unne na meka,, marai:) ayemath a/l wala geography class giya wage:):)
    Eka nemei,, loka vinase uneth nane. Eka hinda onna man ee langa awurudda mal mal wenna kiyala suba pathanawa hariya,,,,,
    Suja

    ReplyDelete
    Replies
    1. සුජා මහපොළොවේ දැකීම සතුටකි. නොදන්නා දේ දැනගන්නට මහපොළොව උදව්වක් උනා නම් එයද මට සතුටකි.ආයෙත් ඉඩ ලද විටෙක මහපොළොවට ඇවිත් යන්න එන්න කියලා ආරාධනා කරනවා යාළු.
      ඒ වගේම ඔයාටත් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.

      Delete
  5. වෙනද වගේම බොහොම වටින ලිපියක්.....
    ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ දි ලියමු.
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. මං උත්සහා කරන්නම් ලියන්න. ලියන්නන් වාලේ ලියන්නත් අමාරැයි. අනික මං හරි කම්මැලියි. ඒ නිසා ඇත්තෙන්ම මං උත්සහා කරන්නම් වෙනදට වඩා ලියන්න. අඩුම තරමේ මෙ අවුරුද්දේ ලිපි 30ක් වත් ලියන්න ඕනා කියා හිතනවා.

      සුබ අළුත් අවුරුද්දක් වේවා.
      ජය වේවා!

      Delete
  6. වටිනාකම කියල නිම කරන්න බෑ :) මාත් ආසම විෂයක්. දිගටම ලියන්න ඔබට ජය :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්ත. ආයෙත් ඉඩ ලද විටක මහපොළොවට ඇවිත් යන්න එන්න.

      Delete
  7. වටින ලිපියක්.....
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි
      ඔබටත් ජය වේවා!

      Delete
  8. කොහෙද අපි ගූබෝල විද්‍යාව කොලේ නෑනේ මේ වගේ කරුණු කාරනා දැන ගන්න මෙවන් ලිපියක්ම කියවන්න ඕන. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. බොහොම වටිනා උත්සාහයක්. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා ගුනේ. අපොයි භුගෝලය කියලාවත් ලියා ගන්න දන්නේ නැති නරම් නුහුරු විශයක්ද?
      ලොකු දෙයක් ගුනේට යමක් කියා දෙන්න අවස්ථාවක් ලැබිම(විහිළුවටයි කිව්වේ)
      ස්තූතියි ඇවිත් ප්‍රතිචාර දැක්වුවාට.

      Delete
  9. පිවුමිගෙ ලිපි ගොඩක් අයගෙ ලිපි වලින් වෙනස්. ගත යුත්තක් තියෙනව. හොඳ ලිපියකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අළුත් කොල්ලා මේ පැත්තේ ඇවිත් කතා කරලා ගියාට..

      Delete
  10. A/L walata geography karana ayata godak watina blog ekak godak isthuthi oba thumiyata, mewage blog ekak haduwata. ewagema parisarika bugolawidyawa pilibada lipi pelak athulath kranna pulluwannam loku deyak.me blog eka digatama karagena yanna sakthiya ha dairiya labewa kiyala man prathana karanawa.

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...