Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Wednesday, August 1, 2012

ලෝකයේ විභේද

          ලෝකයේ විභේද යනුවෙන් අදහස් කරන්නේ පෘථිවි තලයේ සිදුවන විවිධ පැලීම් නිසා භූමිය දැදුරැ වී ඒ වෙන්වු තැන තිබෙන පාෂාණ තල දෙක චලනය වී විතැන් වීම නිසා සෑදෙන භූ රෑප වේ. මේ නිසා සිදු වේ යැයි බලා පොරොත්තු වන ප්‍රධානත ම ක්‍රියාවලිය වන්නේ, බිඳුණු තැනින් වෙන් වන පාෂාණයෙන් එක් කොටසක් ගිලා බැසිය හැකි වීමයි.

සුප්‍රසිද්ධ කිලෝ මීටර 1300 දිගැති සෙන් ඇන්ඩ්‍රියාස් විභේදය, කැලිෆෝනයාව, එක්සත් ජනපදය.  (ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)

විභේදයක් කිලෝමීටර සිය ගණනක් දිගු විය හැකි සේම ඉතාම කුඩා ද විය හැකියි.

මේ පෑනත් එක්ක සංසන්දනය කර බලන විට මේ විභේදයන් ඉතාම කුඩා ඒවා. 
(ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)
ඒ වගේ ම විභේදයක් කියන්නේ පාෂාණයක් කිහිප තැනකින්ම බිඳ දමන දැවැන්ත ක්‍රියාවක්. 
ඡායාරෑපයේ පෙන්වනවා පාෂාණය කිහිප අවස්ථාවක් ම විභේද වෙලා තියෙන ආකාරය. 
 (ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)
විභේදයක් පාෂාණ ස්ථර කෙරෙහි ඇති වන ආතතිය (පාෂාණ තලයක් පැලිලා ඒ පැළිම සිද්‍ධ වෙච්ච තැනින් ඈත් වෙනවා) හේතුවෙන් හා සම්පීඩනය ( සම්පීඩනය වීම කියන්නේ පාෂාණ තලයක් පැලී ඒ පැලීම සිදු වු ස්ථානයෙන්  ඉතා ළං වීම. ඕනවට වඩා ළං වීම නිසාත් පාෂාණයක් බිඳි යන්නට ඉඩ තිබේ.) හේතුවෙන් ඇති විය හැක.  පාෂාණයක හංගුර බව අනුව (පහසුවෙන් කැඩෙන සුළු බව අනුව) විභේදය එකිනෙකට වෙනස් වේ.

ලෝකයේ පවතින විභේදයන් ඒවා සිදු වු පසු ඒ පාෂාණ ගමන් කර ඇති දිශාව අනුව විවිධ කර හඳුනා ගනී. පහත සිතියමෙන් දැක්වෙන්නේ ලෝකයේ විභේද පිහිටි ස්ථාන. බලද්දි ලෝකේ පුරාම විභේද තියෙනවා වගේ පේනවා. මහ කඳුවැටි විහිදිලා යන බිම් දිගේ කොහොමත් මේ විභේද තියෙනවා. 
 විභේදයක් සිදුවීම සඳහා විභේද රේඛා එකක් හෝ කිහිපයක් අවශ්‍ය වේ. (විභේද රේඛාවක් යනු භූමියේ සිදුවන පැළිම් රේඛාවකි).


(ඡායාරෑපය : අන්තර්ජාලයෙනි)

පහත දැක්වෙන්නේ විභේද වර්ග කිහිපයකි.
සාමාන්‍ය විභේදය



                           http://www.physicalgeography.net/fundamentals/10l.html
           
(ඡායාරෑපය : අන්තර්ජාලයෙනි)
මෙය නිර්මාණය වන්නේ ආතතිය නිසායි. මෙහිදි පාෂාණ කොටසක් උඩු අතට (සිරස් අතට ) තල්ලු වීම හෝ යටට ගිලා බැසීම සිදුවී ඇති අතර උඩට ගිය පාෂාණ කොටස උඩු පැන්ම යනුවෙන් ද යටට ගිය පාෂාණ කොටස යටි පැන්ම වශයෙන් ද හඳුන්වනු ලබයි. මේවා මීටර ගණනේ සිට කිලෝ මීටර ගණනාවක් දක්වා දිගු විය හැක. 
ආනත විභේදය

(ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

සාමාන්‍ය විභේදයකට ඉතාම සමාන නමුත් මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විභේද රේඛාව ආනතව පිහිටිම ය. සමහර පොත් පත් වල මෙය සරල විභේදය වශයෙන්ම හඳුනා ගනී.
උදාහරණ:
අප්‍රිකාවේ ඩ්‍රැගන්ස්බර්ග් කඳු වැටියේ පහළ ප්‍රදේශවල දක්නට ඇත. 
ප්‍රතිවර්තිත/උඩුවත්/උඩුකුරැ විභේදය
                                        http://www.physicalgeography.net/fundamentals/10l.html


සම්පීඩනය වීම හේතුවෙන් ප්‍රතිවර්තිත/උඩුවත්/උඩුකුරැ විභේදයක් ඇති වේ . පාෂාණ ස්ථර දෙකටම ලැබෙන පීඩනය සමාන වු විට එක පාෂාණ ස්ථරයක් අනෙක මත නැඟි සිටීම නිසා ඇති වේ. උඩට ගිය කොටසේ යටින් කිසිදු ආධාරකයක් රහිතව පිහිටන හෙයින්  මෙවැනි බිම්  නාය යා හැක. 
(ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

 
Reverse fault with drag of sediments on the up-throw side (Cape Peninsula, South Africa)  http://geologicalintroduction.baffl.co.uk
                මේ විභේද සමහර අය අධ්‍යයනය කරනු ලබන්නේ උළැඟි විභේදයේම කොටසක් / වර්ගයක් ලෙසය.


උළැඟි  විභේදය

    උඩුකුරැ විභේදයක් තවත් දැඩිව සිදු වු විට පාෂාණ සුථරය විභේද තලය ඔස්සේ ඉතා ඈතට දීවිමෙන් මෙය නිර්මාණය වේ. විභේද තලයේ ආනත කෝණය ඉතාම අඩුය. මේ අතරින් ද වැඩිම ආනත කෝණයක් සහිත උළැඟිය ලෙස ඇතමෙක් ප්‍රතිවර්තිත විභේදය (Reverse faults) හඳුනා ගනී. සංකිර්ණ නැමි ඇති ප්‍රදේශ වල පමණක් මේ උළැඟි නැමි දක්නට ලැබේ. 
                                                       (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)
Almost horizontal thrust fault (Odeceixe, Alentejo, Portugal)   http://geologicalintroduction.baffl.co.uk
  
මෙවැනි උළැඟි විභේද  ප්‍රභේද ගණනාවක් විකිපීඩියා දක්වයි.
  • Blind thrust faults

  • Fault-bend folds

  • Fault-propagation folds

  • Thrust duplex

     

මෝආබ් විභේදය (උපුටා ගැනීම: විකිපිඩියාවෙනි.)

සුවිභේදය (ග්‍රාබන්)

                           http://www.physicalgeography.net/fundamentals/10l.html

 සුවිභේදයක් නිර්මාණය වන්නේ ඉහත රෑප සටහනේ දැක්වෙන ආකෘතියේ (1) සහ (3)  කොටස් ස්ථාවරව පවතිද්දි  (2) කොටස ගිලා බැසීමෙනි. මේ ආකාරයේ භූ රෑපයක් දක්නට ලැබිම විරල ය.
                                                   (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

                                Miniature Graben (Furnas, Alentejo, Portugal)   http://geologicalintroduction.baffl.co.uk

උදාහරණ:
සුප්‍රසිද්ධ රිෆට් නිම්නය මිට උදාහරණ සපයයි.


හෝස්ට් විභේදය 

                         http://www.physicalgeography.net/fundamentals/10l.html

මෙය ගිලා බැසීමක් නිසා මෙන්ම උතික්ෂිප්තයක් (එසවීමක්) නිසාද ඇති විය හැක. මෙහි රෑපයේ දැක්වෙන (2) කොටස ස්ථාවරව පවතින විට (1) හා  (3) කොටස් ගිලා බැසීම නිසා ඇති වුවක් බව ඇතෙමෙක් පිළිගන්නා අතර තවත් අය මෙහි මැද කොටස එසවීම නිසා නිර්මාණය වී ඇති බව පිළිගනී.
උදාහරණ:
එක්සත් ජනපදයේ ඌටා හා ඇරිසෝනා මේ ලක්ෂණය දැකිය හැක. එසේම ප්‍රංශයේ වොස්‍ජස් (vosges Mountains) කඳු ජර්මනියේ බ්ලැක්ෆොරස්ට් මීට උදාහරණ වේ.
සෝපාන විභේදය

        මෙය ඉතාම දුර්ලභ ගණයේ භූ රෑපයකි. මෙය ඇති වන්නේද විභේද ගණනාවක් පිය ගැට පෙළක ආකාරයෙන් සිදු වු විට ය.

   East coast, Sea of Cortez,  north of Guaymas. Chihuahua, Mexico   Mexico
උදාහරණ:
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුවැටියේ පාමුල ප්‍රදේශයේ ද මේ ලක්ෂණ දැකිය හැක. 


බහුවිධ කුට්ටි විභේදය

විවිධ උන්නතාංශ දක්වන ගිලා බැසිම් රාශියක් මෙහි නිර්මාණය වී ඇත.අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රමාණයේ ආතතික බල ක්‍රියාත්මක වීම නිසා මෙය නිර්මාණය වී ඇතැයි විස්වාශ කෙරේ.නමුත් ඇතමෙක් මෙය විග හ කරන්නේ වරින් වර ඇති වු එසවීම් (උතික්ෂිප්තයන්) නිසා මෙය නිර්මාණය වු බවයි.
  
උදාහරණ:
                   ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය ම බහුවිධ කුට්ටි විභේදයක (උතික්ෂිප්තයක විය හැකි බව ඇතමෙකුගේ අදහස වේ) ප්‍රතිඵල වේ.
ආංශික විභේදය


                                                       (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

මෙවැනි විභේදයක් නිර්මාණය වන්නේ පාෂාණ තලය තනි විභේද රේඛාවකින් බෙදී එවා සමාන්තර ලෙස එකිවෙකට ප්‍රතිවිරැද්ධ දිශාවන්ට චලනය වීම නිසාවෙනි.
මේ සියලු හඳුනා ගැනීම් වලට අමතරව පශ්චිම විභේද රේඛා ලෙසින් හඳුනා ගන්නේ විවිධ නග්ණිකරණකාරක / ඛාදනකාරක (ඛාදන කාරක- සුළඟ, ගලන ජලය, ග්ලැසියර, මුහුදු තරංග ආදියට භූමියේ මතුපිට ගෙවා දැමිය හැක. ඒ නිසා ඒවා ඛාදන කාරක ලෙස හඳුන්වයි.) නිසා වෙන් වු භූමි  එසේ ඇති වු ආකාරයෙන් ම නොපැවත නැවත නැවතත් කොටස් වලට කැඩී යාම පශ්චිම විභේද රේඛා යනුවෙන් හඳුන්වනු ලැබේ. යථාපුර්ව විභේද රේඛා යනුවෙන් හඳුන්වන්නේ එසේ වෙනස් නොවු භූමි ය.
මේ විභේද සම්බන්ධව ගොඩනැ‍ඟෙන ප්‍රධාන තර්කයක් වන්නේ මේවා කියන හැටියට ගිලා නොබැස පාෂාණ කොටසක් එසවීම නිසා සිද්ධ උනා කියලා කියන එක.  මේ දෙකම බැහැර කළ හැකි මත නොවේ. 



මේ ලිපිය දිගු වැඩියි. ඒත් කොටස් කරලා දාන්න ගිහාම අධ්‍යාපනික අරමුණකින් මේ තොරතුරැ හොයන යම් කෙනෙකුට අපහසු විය හැකියි. නමුත් විභේද කිහිපයක් ගැන තොරතුරැ තවත් ඉතිරි වී තිබෙනවා. ඉදිරි දිනයක උළැඟි විභේද නමින් ලිපියක් ලියා ලින්ක් එකක් මේ ලිපියේ අමුණා තබන්නම්.



*මෙහි පලවන ඡායාරෑප අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා වන අතර හුදෙක් දැනුම බෙදා ගැනීමේ චේතනාවෙන් ලබා ගත් ඒවා වේ. ඡායාරෑප වල අයිතිය එහි අයිතිකරැවන් සතු වේ.



25 comments:

  1. නියමයි පියුමි,

    පුලුවන් නම් ඔය විභේදන වල ඉන්ග්‍රීසි නමත් දාන්න, එතකොට වැඩි විස්තර හොයන කෙනෙකුට ලේසි වෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි අමිල,මට ඒක අප්ඩේට් කරන්න තියෙනවා නම් හොදයි.ඒත් අප්ඩේට් කරන්න හරි අමාරැයි.මගේ කනෙක්ෂන් එකේ ගැටළුවක් වෙන්න ඇති.ඒත් කෙහොම හරි මං එක හදන්නම්.ස්තුතියි අදහසට.

      Delete
  2. ඉස්කෝලෙ භූගෝලය පාඩම මතක් උනා. ගොඩක් හොඳ ලිපියක්. ජය....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. මට සතුටක් ඔබේ මතකයේ පතුලේ තිබ්බ භුගෝලේ පාඩම් මේ ලිපි හරහා අළුත් උනා නම්.

      Delete
  3. හොඳ විද්‍යාත්මක දැනුමක් ඔයාට තියෙනවා.ඒවා අනිත් අය එක්ක බෙදාගන්න එකත් ලොකු දෙයක්.
    දිගටම ලියන්න ඒ වගේන අපි අපිට බ්ලොග් කියවනය වෙතත් ඔයාව සාදරයෙන් පිලිගන්නවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්.
      මට යම් දැනුමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මං නිදහස් අධ්‍යාපනයට ණයයි. මේ ඒ ණය ගෙවන්න ගන්න වෑයමක්. මේ වෑ‍යම සාර්ථක කරගන්න අපි අපිට ‍සිංඩිය අතහිත දෙනවට ස්තූතියි.

      Delete
  4. Replies
    1. ස්තූති වේවා.

      Delete
  5. භූගෝල විද්‍යාව ගැන මම නම් වැඩිදුර ඉගෙනගෙන නෑ...ඒත් ලොකු උනන්දුවක් තියෙනවා... ඒ නිසයි මේ පෝස්ට් එක මුල ඉඳන් අගටම කියෙව්වේ... මේ පෝස්ට් එකට සම්බන්ධයක් නැතත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා දැනගන්න... ළිඳක් කපන්න සුදුසුම තැන තීරණය කරන්න පොළවේ මතුපිට ඉඳලා වතුර තියෙන තැනක් හොයාගන්න පුළුවන් යන්ත්‍රයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා... ඒක ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අළුත් මල්ලි ආවාට.භුගෝලය කියන්නේ ලස්සන විශයක් තමා.මටත් අහම්බෙන් මුණගැහුණු ලස්සන විශයක්.

      ළිදක් කපන තැන ගැන පෙන්වා දෙන උපකරණයක් ගැන නම් මා දන්නේ නැහැ. අනේ සමාවෙන්න ඕන. එත් හොයලා බලලා කියන්න උත්සහායක් ගන්නම්. මේ දවස් වල ‍වැඩ ටිකක් වැඩියි. ඒ නිසා ඉක්මනින් කියන්නම් කියලා නම් කියන්නේ නෑ.

      Delete
    2. මටත් යාළුවෙක් තමා එහෙම එකක් තියෙනවා කියලා කිව්වේ... මට දැනගන්න ඕනකම තියෙන්නේ ඒ යන්ත්‍රය වැඩකරන්නේ කොහොමද කියලා... ඒකට ඉතින් මුලින්ම ඒ යන්ත්‍රය මොකක්ද කියලා හොයාගන්න ඕන... එයා කිව්ව විදිහට ඉලෙක්‍ ට්‍රෝඩ 4 ක් තියෙනවා... ඒවා පොලවේ සමචතුරස්‍රාකරව ගහලා යන්ත්‍රය ක්‍රියාත්මක කළාම ඩිස්ප්ලේ එකෙන් එතන පොළවේ වතුර තියෙනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්ලු... මාත් හෙව්වා... තාම හමුවුනේ නම් නෑ.... ඒ ගැන විස්තරයක් දැනගත්තොත් මෙතන සඳහන් කරන්න පුළුවන් නේද? මේක ලංකාවේ තියෙනවා...

      පොළවේ වතුර තියෙන තැන් හොයන්න තව ක්‍රමයක් තියෙනවා... ඒක ජ්‍යෙතිෂ්‍යයට සම්බන්ධ ක්‍රමයක්ලු... මම ඒ දේවල් විශ්වාස නොකළත් ජලය හිඟ පළාත්වල ඒ ක්‍රමය අනුගමනය කරලා හාරපු ළිං වල වතුර තියෙනවා මම දැකලා ති‍යෙනවා... අපිට නොදැනෙන පළියට ඒ දේවල් නෑ කියන මතේ මම නම් ඉන්නේ නෑ... ගොඩක් වෙලාවට ඇත්ත වෙන්න පුළුවන්... ඒ ගැන මොකද කියන්නේ?

      Delete
    3. අනිවාර්යයෙන්ම මං දැනගත්ත ගමන් කියනවා. එදාට මං අළුත් මල්ලීලා බ්ලොගයේ පැත්තේ ඇවිත් ඒ ගැන කියලාත් යන්නම්. කියන හැටියට ස්කෑනර් එකක් වගේ වැඩ කරන එකක් වෙන්න ඇති. පුරා විද්‍යාව කැණිම් ගැන දන්න යාළුවෙක් මට කිව්වා දවසක් ගලක් ඇතුළේ තියෙන දෙයක ස්වභාවය ගැන දළ අවබෝධයක් ගන්න පුළුවන් උපකරණයක් තියෙනවා කියලා. එදා මං එයාට හිනා උනා. කොහොම හරි හොයන්නම් කෝ.හැබෑ ටිකක් කාලය ඕන මේ මාසේ වැඩ. පොස්ටුවක් ලියන්න තරම්වත් වෙලාවක් නෑ.

      මාත් අහලා ඔය වෙලාව බලන අය මේ දේ කරනවා කියලා. එහෙම මනුස්සයෙකුව මා දැනන් උන්නා. එතුමා බොහොම දක්ෂයිලු වැඩේට.කිව්වොත් හරියටම හරි කියලායි මිනිස්සු කිව්වේ.දැන් නම් ඉන්නවාද දන්නෙත් නෑ. මං පත්තරෙනුත් අළුත් මල්ලි මේ ගැන කාලෙකට කලින් කියවලා තියෙනවා. ඇලුමීනියම් බට කෑලි දෙකක් අරන් නිදහස් සිතකින් වතුර තියෙන තැන් හොයන්න පුළුවන් ලු.

      නොදන්නා කම කියන්නේ නොදන්නා කමනේ. ඒවා ඇත්තද නැත්තද කියන්න දැනුමක් අපට නෑ. ඒ හංදා ඇත්තේද නැත නැත්තේද නැත කියන අදහසින් ඒවා අසා ඉන්නවා විතරයි. යන්ත්‍ර මන්ත්‍ර කියන ඒවා බොරු කියන්නේ නෑ මං. අපේ ඒ පරණ දැනුම තියෙන අය කියන්නේ ඒ දේවල් ඒ අයගේ පරම්පරා වලට ලැබුනේ මුතුන් මිත්තන්ගෙන්ලු. ඒ දැනුම අවශ්‍ය නැති නිසා විනාශ වෙන එක දැනුමේ හැටිලු. කවදා හරි අපි ඒ දැනුම ලබන්න සුදුසු වු දවසට ඒ දැනුම අපි විසින් සොයා ගනීලු.(මෙහෙම කියලා තියෙන්නේ මගේ හොද යාළුවෙක් වෙච්ච හාවාගේ සීයා. කවුරු කිව්වත් ඒ කතාව ඇත්ත.) සොයන්නාට සම්බ වේ කියනවා නේ. ඒ වගේම මං දන්නවා ජෝතිෂ්‍ය (ලිව්වා හරිද මංදා)බොරුත් නෙවේ වෙන්න ඇති. මොකද හඳ කියන ග්‍රහ වස්තුව මානව චර්යාවට හා සිතිවිලි වලට යම් බලපෑමක් කරන්නට සමත් බව පේනවා(ඒ ගැන මා විද්‍යානුකූල පර්යේෂණයක් නම් කර නෑ. යම් ආකාරයක නිරික්ෂණයක් මත පදනම් වු දැනුමක් සහිතවයි කිව්වේ). ඒ වගේම අනෙක් ග්‍රහ වස්තුත් එහෙම කරනවා වෙන්නත් වගේම නොවෙන්නත් පුළුවන්. නොදන්නා මිනිස්සුන්ට බලය දෙන එක මහ විනාශයක් හිංදා තමා ඒ වගේ විශයන් අද තියෙන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මිනිස්සු දැනුම ධනය කියලා හිතපු අතීතයේ දැනුම ගෙන ගියේ කටවහරින් පරම්පරාව හරහා.ඒ කටවහර තුළ කොයිතරම් වතාවක් වරදින්න ඇත්ද කියලා අද වෙනකොට පේනවා නේ. සිංහල වෙදකම කියන්නේ කොයිතරම් බල සම්පන්න දෙයක් උනත් අද වෙදකම කරන්න දන්නේ නැති අද කරන වෙදකම් නිසා ක්ෂේත්‍රය විනාශ වෙනවා.
      ඒත් විද්‍යාව පරිපුර්ණ දැනුම නොවේ කියන දේ මං දන්නවා. මොකද අද නෑ කියන එක හෙට තියෙනවා කියනවා. ඒ විශය තාමත් වර්ධනය වෙනවා අප නොදන්නා දේ සොයමින්.

      Delete
    4. අපේ සීයා ලෙඩ හොඳ කරන්න යොදා ගත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්... ඒක ජෝතිෂ්‍ය නෙවෙයි... වෙන මොකක්දෝ දෙයක්...අද එයා ජීවතුන් අතර නෑ... එයාගේ ජීවිතේ අන්තිම කාලේ ඒ ශාස්ත්‍රය උගන්නන්න උත්සහා කලේ මට... ඒත් මට ඒ ගැන විශ්වාසයක් නොතිබුණ නිසා මම ඒ දේවල් ඉගෙනගන්න එක ප්‍රතික්ශේප කළා... එයා නැතිවුණාට පස්සේ නම් කව්රුත් ඒ දේවල් ගැන උනන්දුවක් දැක්වුවේ නෑ... අපේ තාත්තා සීයගේ පුතා වුණාට එයා වැඩිපුර බර විද්‍යාව පැත්තට... ඒ නිසා මාත් ඒ පැත්තට යොමු වුණා...ඒත්
      සීයා කරපු දේවල් ගැන අත්දැකීම් මට තියෙනවා...සාමාන්‍යයෙන් ලෙඩෙක්ගේ ඇඟේ යක්ෂයෙක් ඉන්නවද බලන්න කෙසෙල් පතුරු දෙකක් දෙන්නෙක් ළං කරලා අල්ලගෙන ඉද්දි මන්ත්‍ර කියන ක්‍රමයක් එයා ළඟ තිබුණා... ඇත්තටම යක්ෂයෙක් ඉන්නවනම් ඒ කෙසෙල් පතුරු දෙක එකට ළං වෙනවා... නැත්නම් මොකුත් වෙනසක් නෑ...සමහර ලෙඩ්ඩුන්ට එහෙම කරද්දි කෙසෙල් පතුරු ළං වෙනවා මම ඇහැටම දැකලා තියෙනවා... සමහර විට ඒ දේට හේතුව ඇත්තටම යක්ෂයෙක් ඉඳීම වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් පැය භාගයක් විතර කාලයක් එකදිගට කෙසෙල් පතුරු අල්ලගෙන ඉඳීම නිසා ඒ අයට ඇතිවුණු අපහසුතාව මේකට හේතුව වෙන්නත් පුළුවන්... කොහොම හරි සමහර ලෙඩුන්ට එහෙම වුණා... ඒ මන්ත්‍ර ලියලා තිබුණේ පුස්කොල පොත් වල...දැන් ඒවා තියෙන තැනක් මම හරියටද දන්නේ නැති වුණත් ඒවා ලියලා තිබුණේ නම් සාමාන්‍ය සිංහලෙන්...පේන හැටියට බුද්ධාගම ආශ්‍රය කරගෙන ලියවුණු සාමාන්‍ය රචනාවක් වගේ දෙයක්...හැබැයි එකම මන්ත්‍රය නැවත නැවත 108 පාරක්ද කොහෙදෝ කියන්න ඕනලු... වචන ටිකකට ඔයතරම් දෙයක් කරන්න
      පුළුවන්ද කියන ගැටළුව තාම මට තියෙනවා... කොහොම වුණත් කලින් කියූ විදිහට සමහර ගුරුකම් සාර්ථක වෙනවා මම දැකලා තියෙනවා...ඇත්ත දැනගන්න නම් ඒ දේවල් ඉගෙනගන්නම වෙයි...ඇත්තම නෙවෙයි නම් එහෙම දේවල් උපදින්න හේතුවකුත් නෑ නේ
      නේද?

      Delete
    5. උඩ සඳහන් කරපු යන්ත්‍රය ගැන මමත් අහලා තියනවා. ඒ උනාට පැහැදිලි තොරතුරක් නම් හොයාගන්න බැරි උනා. ඕකෙන් වෙනවා ඇත්තේ නම් යම්කිසි විශේෂිත තරංගයක් යවලා ඒක තෙතමනය තියන මට්ටමකට ලඟා වෙනකොට ඊට ගතවූ කාලය ගණනය කරලා ඒ තුලින් දුර මැන ගන්න එක වෙන්න ඕනි.

      Delete
    6. ස්තූතියි අළුත් මල්ලීටත් චන්දනටත් මේ පැත්තේ ඇවිත් කතා බහ කලාට. මෙහෙම යන්ත්‍රයක් තියෙවාද කියන එක දැන ගන්න එක මටත් දැන් ප්‍රායොගිකව ඉතාම වැදගත්. බලමු හොයන්න.

      අළුත් මල්ලි ඔබ නැවත වතාවක් දැක්වු අදහස් වලට පිළිතුරක් දෙන්න තරමක් ප්‍රමාද උනා. මාත් එක මන්තරයක් දැනගෙන හිටියා ඒක බුදුන්ට වැද පින් අනුමොදන් කිරීමෙන් පසුව ඔය පුංචි ඔළුවේ කැක්කුමකට වගේ අත්දුටු ප්‍රතිකාර දෙනවා. මං කීප වතාවක් මතුරා තිබෙනවා. ඒ පුංචි කාලේ. විවිදාත්මක තේමාවක්. මං හිතන්නේ වචන වලින් ගොඩනඟනු ලබන තරංග ආයාමය මඟින්/ ශබ්ද තරංග මඟින් යම් ශක්තියක් නිශ්පාදනය වෙනවා වෙන්න ඇති. අපි දිග කාලයක් තිස්සේ මට පිලිකාවක් මට පිලිකාවක් කියලා හිතද්දී ඇත්තටම පිලිකාවක් හැදෙන්න තියෙන ඉඩ වැඩිලු කියලා මං ඔය වෛද්‍ය සාකච්ඡාවලදි කියනවා අහලා තියෙනවා. එහෙම බලද්දි දෙයක් නිතරම කියන එකේ වගේම සිතන එකෙත් බලයක් ඇති. මේ බලය අපේ පැරණි අය භාවිතා කලා වෙන්න පුළුවන් නේද? මොකද අළුත් මල්ලි අපේ ‍අය ලෝකේ ගැන හෙව්වේ උඩ ඉඳන් යටට(සිරස් අතට). ඉතිං ලෝකොත්තර දේවල් තමා අණාවරණය කර ගත්තේ. ඒ වගේ හොයන්න ගිහින් නොදන්නා කෝකටත් ආරූඪ කරන දේව වාදය මේකටත් දාන්න ඇති. නමුත් සොයා ගත් දේකුත් තියෙන්න ඇති. නමුත් බටහිර අය ලෝකය තිරස් අතටයි හෙව්වේ ඉතිං එයාලා අද තියෙන ටික හොයා ගත්තා. අපේ අය අණාවරණය කරගත් දේ අතර ඔය ශබ්ද වල වගේ බලයන්ට දේවත්වය කිවුවා වෙන්නත් පුළුවන්. දැන් බලන්න දෙයියෝ යන්නේ උඩින්. අද කී දෙනෙක් මිනිස්සු ගුවන් යානාවල යනවාද? ඒ කාලේ පඩිවරයෙක් ගෙනල්ලා දැන් ලෝකේ පෙන්නුවොත් එයා අපිට දෙයියෝ කියයි. මේක මහ දිග කතා ගොඩක් පටන් ගන්න පුළුවන් තේමාවක්. කොහෙම උනත් මං හිතන්නේ අපේ ශිෂ්ටාචාරය සතුව අද නැති වෙච්ච එදා ගොඩ නැඟුණු දැනුමක් තිබ්බා.

      Delete
    7. @Chandana
      http://www.youtube.com/watch?gl=CO&hl=es-419&v=Y5i6GLNUDug
      මේ වීඩියෝවේ තියෙන්නේ තවත් එක ක්‍රමයක්... එහෙම යන්ත්‍රයක් තියෙනවා... ඒත් තාම ඒක ගැන විස්තරයක් හොයා ගන්න බැරි වුණා... ඉන්ටර්නෙට් එකෙත් වැඩිපුර විස්තර වෙලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රම ගැන නෙවෙයි... සාම්ප්‍රදායික ක්‍රම ගැන...

      @PM
      නිතරම එකම දෙයක් කියනකොට ඒ දේ ඇඟට දැනෙනවා වැඩියි තමා... මමත් ඔය දේ ප්‍රායෝගිකවත් පාවිච්චි කරනවා... කව්රුහරි කෙනෙක් වැරදි දෙයක් කරනවනම් එයත් එක්ක විවිධ උදාහරණ පෙන්වමින් තර්ක කරනවාට වඩා ගැල‍පෙනම වචන 5ක් 6ක් තෝරගෙන ඒ දේ නැවත නැවත කීම ගොඩක් ප්‍රතිථලදායක ක්‍රමයක්...එතනදි එයා කියන කියන හැම දේකටම එකම වචන ටිකෙන් උත්තර දෙන්න ඕන... එතකොට එයාට තර්ක කරන එක එපා වෙනවා විතරක් නෙවෙයි අපි කිව්ව වචන ටික එයාගේ යටි හිතටම කාවදිනවා...ඒ ගැන එයා හිතන්න ගන්නවා...

      හැබැයි මෙහෙම ගැටළුවක් තියෙනවා... අපිට තේරෙන භාෂාවකින් නැවත නැවත කිව්වොත් අපේ හිතට ඒ‍ දේ දැනිලා ඒ අනුව සිරුර ක්‍රියාත්මක වෙනවා... ඒත් යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේම ආගම් වල එන පිරිත්,යාච්ඥා වගේ දේවල් තියෙන්නේ හැමෝටම තේරෙන භාෂාවකින් නෙවෙයි...තේරුණත් අපි ඒවා අහන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ නේ? ඒත් ඒවගේ ලෙඩ සුව කරන බලයක් තියෙනවා කියල කියනවා... මොකක් වෙන්න ඇත්ද මේ ශබ්ද මගින් ලෙඩ සුව කිරිමේ තාක්ෂණයේ මූලධර්මය වෙන්න ඇත්තේ?

      Delete
    8. උත්තර දෙන්න නම් පමා උනා. සමාවෙන්න ඒකට

      ශබ්දය කියන්නේ ගවේෂණය කරන්න තියෙන විෂයක්. නමුත් සංගීතය නිසා ශබ්දය ගැන අප තරමක් වෙනස් විදිහටයි හිතන්නේ. අනිත් එක මං කියවලා තියෙනවා බුදු දහමේ ගාථා වල තියෙන පද පිහිටුවලා තියෙන්නේ බලවත් ආකාරයටලු. නමුත් මේවා අවිද්‍යාවෙන් වැහිලා ගිහිල්ලා. අපි හිතන්නේ විද්‍යාව විතරයි ඔක්කොම කියලා. මිනිහා දන්න දේ විද්‍යාව. එත් නොදන්න දේ.. අළුත් මල්ලි අහලා තියෙවාද මැටි කලයකට / පුංචි මුට්ටියකට හරි වතුර පුරවලා මොනවා හරි දිගටම කිව්වා නම් ඒ වතුර උතුරලා යනවා කියලා. ඒ මැටිවල තියෙනවාලු තරංග පිට නොකරන ස්වශාවයක්. මම මේක කියෙව්වේ පොතකින්. බලන්නම්කො පොතේ නම මතක් කරන්න. ඒක කියෙව්වොත් ආයේ වතාවක් හොඳයි වගේ.

      Delete
    9. මේ කමෙන්ට් එක මම දිගට ඇදගෙන යන එක කරදරයක්ද මන්දා... මේකයි... විභාග සමත් වෙනවයි දැනුම හොයනවයි කියන්නේ දෙකක්නේ... 99% ක්ම ඉන්නේ ඒ වෙලාවට ගැලපෙන විදිහට පාඩම් කරලා විභාග පාස් කරන අය... ඒකෙ ඇති වැරැද්දකුත් නෑ... එහෙම නැතුව යමක් ගවේෂණය කරන කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි... ඉතින් එහෙම කෙනෙක් එක්ක අදහස් හුවමාරු කර ගන්න ලැබුන අවස්ථාවේ කතා කරනවා... ඒකයි කමෙන්ට් තීරුව මගේ අතින් දික් වෙන්නේ...

      ශබ්ද තරංග වලින් කරන වැඩ ගැන මමත් ඉගෙනගෙන තියෙනවා... මැටි කලේ කතාවනම් මුලින්ම දැනගත්තේ මෙතනින්... ඒක ඇත්ත වෙන්න ඕන... ශබ්ද තරංග ගන්නවලු වයින් ඔරලෝසු වල දූවිලි අයින් කරන්නත්... සමහර ගායිකාවෝ සින්දු කි‍යනකොට වීදුරු බි‍ඳෙනවා කියලත් අහලා තියෙනවා... මේ වගේ සිද්ධී වලට හේතුව අනුනාදය කියලා නේද කියන්නේ? ඒත් ඉතින් තවම හොයාගත්තේ නැති දේවල් කොයිතරම් ඇත්ද? දැනට හොයාගෙන තියෙන අනුනාදය,විස්තාරය, සංඛ්‍යාතය වගේ කරුණු ටිකක් විතරක් අරගෙන හැම සිද්ධියක්ම විස්තර කරන්න බෑ නේ නේද? වෛද්‍ය විද්‍යාවයි ‍භෞතික විද්‍යාවයි කියන විෂයන් දෙකම ගැන ගැඹුරු දැනුමක් ලබාගත්තා නම් ශබ්ද මගින් ලෙඩ සුව කිරිමේ තාක්ෂණයේ මූලධර්මය හොයාගන්න පුලුවන් වෙයි ? මම නම් හිතන විදිහට ඒක මානසික බලපෑමක් නෙවෙයි...භෞතික බලපෑමක් වෙන්න ඇති... භෞතික බලපෑමක් නම් ශබ්ධ කරන භාෂාවේ වැදගත් කමක් නැහැනේ ලෙඩ සුව වෙන්න... ඒත් මානසික බලපෑමක් නම් අනිවාර්යයෙන්ම ශබ්ධ කරන භාෂාව රෝගියත් දැනගෙන ඉන්නම ඕන...

      Delete
    10. අනේ කරදරයක් වෙන්නේ කොහොමද අළුත් මල්ලී. සුන්බුන් කතාවක් නම් ඔන්න එහෙම හිතන්න තිවුණා. මාත් ලොකු උගතෙක් නොවේ. පුංචි අදහසක් ඔළුවේ තියාගෙන අනංමනං අයින් කරන්න මං පුරුදු වෙලා හිටපු එක මටම හෙණයක් වෙලා දැන් දැන් උවමනා දේවලුත් ඉක්මනට අමතක වෙන ගතියක් තියෙනවා වගේ. ඒ නිසා දන්න දේවලුත් මැකිලා යනවා. ඒ වෙනුවට අළුත් දේවල් ඔළුවේ පිරෙනවා.
      අළුත් මල්ලි මං නිව්ටෝනියානුවාදය ගැන දන්නේ නෑ ගොඩක්. නමුත් මං හිතන්නේ සෑම ක්රිවයාවකටම ප්රතතික්රිටයාවක් තියෙනවා කියලා කියන දේ හරි කියලා. (කැම්පස් එකේදි දවසක් ඔය මතය බිදලා දැම්මට මොකද දැන් ඒකත් මතක නෑ.) කොහොම උනත් ඒක එහෙම නැතත් අපි පිට කරන ශබ්දයක අනුව වායු ගෝලය කම්පනය වෙනවා. එතනදි බිහි වෙන ශක්තියට පුළුවන් ඇති බලයක් උත්පාදනය කරන්න. ඒ වගේ ම විදුරුවක් බිදින්න වගේ වැඩක් දක්වා වර්ධනය වෙච්ච ක්ෂෙඅත්ර යක් දිගේ විද්වතෙක් මේ වගේ දෙයක් ගැන පර්යෙක්ෂණ කරලා අන්තිමට මිනිහා දොඩවන්නේ විද්යායව ගැන නොවේ. ඉතිං සමාජයෙන් ඒ මනුස්සයා දිහා බලන්නේ වෙනත් කෝණයකින්. අපේ හුඟක් විද්වතුන් අන්තිමට නතර වෙන්නේ දෙවත්වය ලඟ. වෛද්යස විද්යා වට වඩා භෞතික විද්යාදව මේ ගැන සොයා බලන්නට ඕනයි කියලා මං හිතනවා. ඒ උනත් අළුත් මල්ලි මේ දේවල් විද්යායව ඇතුලේ උනත් වැඩක් නෑ. මතකද කෙප්ලර් 22බී ගැන අපි දැන ගත්තේ එයාලා දැනගෙන අවුරුදු ගාණකට පස්සේ. අපිට අද ලෝකේ හොයා ගන්න දේවල් පවා දැන ගන්න වෙන්නේ පස්සේ කාලයකදි..
      අර වතුර යන්තරේ ගැන නම් ගොඩාක් අය දන්නේ නෑ අළුත් මල්ලි. මං මේ ටිකේම ඔය ගැන දන්න දන්න අයගෙන් ඇහුවා. කමක් නෑ කවදා හරි දැන ගන්න කල් මං හොයන එක නම් අතාරින්නේ නෑ.

      Delete
    11. ඒ කතාවනම් සහතික ඇත්ත... ලෝකෙට විද්‍යාවේ අලුත් සංකල්පයක් බිහි වෙලා පරම්පරා ගානක් ගියාම තමා ඒ දැනුම අපිට ලැබෙන්නේ... ශබ්ධ තාක්ෂණය ගැන මෙන්න මේ වෙබ්සයිට් එකේ තිබුන ඒවා මම කියෙව්වා... නිකන් ඉන්න වෙලාවට කියවලා බලන්නකෝ... http://kendaralk.blogspot.com/2010_05_10_archive.html
      මේක ගැන හොයනවනම් ජීවිත කාලයම ඒ වෙනුවෙන් කැප කරලා හොයන්ට තරම් කරුණු ගොඩක් තියෙනවා... කොහොම වුණත් මේ ටික නම් කියන්නම ඕන... ලංකාවේ ඉතාම වටිනා කියන වැඩිය ප්‍රසිද්ධ නැති ප්‍රසිද්ධ කළොත් මේ ලෝකේ හැමෝටම වැඩදායක වෙන ශිල්පක්‍රම තියෙනවා... ඒත් ඒවා අද විනාශ වෙලා තියෙන්න හේතුව ඒවා දැනගෙන හිටිය මිනිස්සුන්ගේ කුහකකම... ඒ මිනිස්සු කවදාවත් කැමති නෑ තමන්ගේ පරම්පරාවෙන් පිට කෙනෙකුට ඒවා කියලා දෙන්න... මම ඒක අත්දැකීමෙන්ම දන්නවා... ඒවා ඉදිරියට ගෙනියන්න තමන්ගේ පරම්පරාවේ කෙනෙක් නැති වුණත් ඒ දේ පිට ‍කෙනෙකුට දෙන්න එයාලා කැමති නෑ... ගොඩක් ඒවා විනාශ වුණේ එහෙම...

      Delete
  6. ඇත්තටම ගොඩක් ස්තූත්යි..

    ReplyDelete
  7. භූගෝල විද්‍යාව ගැන විස්තර මට ගන්න පුලුවන්නම් ලොකු උදව්වක් ආයෙත් උසස් පෙළ කරන්නයි අදහස ඹයාලට පුලුවන්නම් ලොකු උදව්වක් warunanimal@gmail.com මේකට pdf ,video,photo එවන්නකෝ අපි මොකටද එවන්නේ කියලා හිතන්න එපා ඹයාලා ගොඩක් දේවල් දන්න අය නිසයි උදව්වක් ඉල්ලුවේ plzzzz....

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...