Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Monday, July 16, 2012

පෘථිවියේ නැමි කඳු හා ඒවායේ සැකැස්මට අදාළ වු භූ රෑප.



01 කොටස
පෘථිවියේ භූ රෑප පිළිබඳ විමසිමේ පළමුවැන්න.
 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

සෑම මහද්විපයකම ඊට ආවේනික වු රටාවකට හැඩ ගැසුණු විවිධත්වයකින් යුතු භූ රෑපනයක් දක්නට ලැබේ. කඳු නිර්මාණය වන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලි නිසා බව විද්වතුන්ගේ විශ්වාසය යි. ඒ කඳු අතර දැවැන්ත නැමි කඳු සුවිශේෂි තැනක් ගනී.
වසර දහස් ගණනක් තිස්සේ පාෂාණ තැටි තල්ලු වී යාම හා තෙරපීම හේතුවෙන් පාෂාණ නැමීම ‍නිසා මෙම නැමි කඳු සෑදී ඇත. ලෝ ප්‍රකට දැවැන්ත කඳු වන අන්දීස්, රොකී, හිමාලයා, ඇට්ලස්,  ඇල්ප්ස්, ආදී න් නැමි කඳුවලට උදාහරණ වේ. මේවා සාගරයට ඉතා ආසන්නයේ තැටි මායිම් අසළ පිහිටා ඇත. එමෙන් ම මේ කඳු මුදුන්වල තිබී සාගරික මසුන්ගේ ෆොසිල හමු වී ඇත. යුරල් ඇපලාචියන් වැනි අභ්‍යන්තරික ව විහිදි ඇති නැමි කඳු ද තිබේ. නමුත් වැඩි වශයෙන්ම පරික්ෂණ පවත්වා ඇත්තේ ඇල්පයින් කඳු පද්ධතිය පිළිබඳව වේ. ඇල්පයින් කඳු වලට යුරෝපයේ ඇල්ප්ස් සහ ආසියාවේ හිමාලයා කඳු අයත් වේ.මෙම කඳු පෘථිවි භූ ඉතිහාසයේ තෘතික භු යුගයේ දී ඇති වී ඇතැයි සැළකේ.

 (ඡායාරෑපය: ඇපලාචියන් කඳු හා ඇලිගෙනි සානුව වෙන් කෙරෙන තැන.විකිපීඩියාවෙන් උපුටා ගතිමි. )

රැපයෙන් පෙනෙන පරිදි හො ස්ථිර හා බලවත් පාශාණයක් හමුවෙදී දුර්වල පාශෘණ ස්ථරය නැවේ. කෙසේ වුවද මේ නැමි කඳු දිග පේළි වශයෙන් හෝ චාප වශයෙන් ඇති බව පෙනේ.  නැමි කඳු සැදෙන්නේ පීඩන ඇති වු දිශාවට සෘජු කෝණි ලෙස ය.
          ලෝකයේ විශාල කඳු හා සානු තැනිතලා ආගාධ ඇති කරනු ලබන්නේ පෘථිවි පාෂාණ අතර සිදු වන චලන මඟිනි. එම චලනයන් එසේ ඇති වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින සංවහන ධාරා හා විකිරණශීලී ඛනිජ වල ශකිතිය මුක්ත කිරීම් වල ප්‍රථිපලයක් වශයෙන් බව විද්‍යාඥයන්ගේ  අදහසයි. ඒසේ ම මේ හැම ක්‍රියාවකටම ශක්තිය ලබා දෙන්නේ සුර්යයා විසින් ය. සුර්යය තාපය හේතුවෙන් හට ගන්න භූ තාපය බොහෝ අන්තර්ජන්‍ය ක්‍රියාවලීන්ට අවශ්‍ය ශක්තිය නිපදවනු ලැබේ.
 මේ ලිපිය අවසානයේ දී මතක තබා ගත යුතුම කරුණක් වන්නේ එක කන්දක් හැදෙන්න බලපාලා තියෙන්නේ මේ තනි සිද්ධියක් විතරක් නෙවේ ය යන්න යි. එක කන්දක මේ වැනි විවිධ නැමි වර්ග බොහෝමයක් තිබිය හැකියි.
          පෘථිවියේ හට ගන්නා සියලුම භූ ලක්ෂණ ක්‍රියාවලීන් දෙකකට අයත් වේ. ඒවා නම්,
·       බහිර්ජන්‍ය ක්‍රියාවලි
බහිර්ජන්‍ය ක්‍රියාවලි අර්ථයෙන් හැඟවෙන පරිදීම පිටතින් සිදු වේ. නග්නීකරණ ක්‍රියාවලීන් ලෙසින් ද මේවා හඳුනා ගත හැක. ගලන ජලය, සුළඟ, අයිස්, සාගර තරංග, ග්ලැසියර යන ඒවා නග්නීකරණකාරක නැතහොත් බහිර්ජන්‍යකාරක ලෙස හඳුනා ගත හැක. මේවා විසින් පෘථිවි පෘශ්ඨය ගෙවීමකට ලක් කිරීම එනම් විශමතාව නැති කිරීම සිදු කරයි.

·       අන්තර්ජන්‍ය ක්‍රියාවලි
මේවා පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලි වේ. භූමිකම්පන වල ප්‍රතිඵල වශයෙන් ඉරිතැලීම් හා ‍දැදුරැ (වෙන් විම්) ඇති වීමෙන් ද,යමකම ක්‍රියාවලියේ දී ඒවා විදාරණය වීමට යමහල් මුඛය විවෘත විමෙන් ද මේවා ඇති වේ. මෙම බලවේග ආකාර දෙකකි.

·       සිරස් චලන (මහද්වීපකාරක (අරීය) බල සහ චලන.)
අභ්‍යන්තරයේ ඇති වන බලවේග ක්‍රියාත්මක වන්නේ සිරස් අතර නම් ඒවා සිරස් බලවේග වේ. මේ මඟින් මහද්වීප හා සාගර වල චලනයන් සිදු කරනු ලැබේ.
පෘථිවිය පුරා ඇති පාෂාණ නිරන්තරයෙන් ඛාදනයට ලක්වේ. මෙසේ ඛාදනයට ලක් වන පාෂාණ ඛාදනය වී තැම්පත් වන්නේ පහත් තැන් වලය. (එනම් නිම්න, වෙරළ ආශ්‍රීතව වැති පහත් බිම් වල).  මෙසේ තැම්පත් විමෙන් පෘථීවියේ යම් තැනක එනම් ඛාදනයට ලක්වන තැන පිහිටි භූ ස්කන්ධයේ බර අඩු වීමත් ඛාදිත ද්‍රව්‍ය තැම්පත් වන ස්ථානයේ බර වැඩි විමත් සිදු වේ. කලක් තිස්සේ මෙසේ බර දරා සිටින භූ ස්කන්ධ වල බර සැහැල්ලු වීම නිසා මේවා එසවීමට පටන් ගනී. සමස්ථිතිකවාදයෙන් කියවෙන්නේ මේ සිද්ධාන්තයයි. මේවා එක්තරා ආකාරයක සිරස් චලනය වීමක්  ලෙස ඇතැමුන් විග්‍රහ කරන්නෙ එබැවිනි.
 ඉතා වැදගත් ම කරැණ වන්නේ භූ ස්කන්ධයක් මේ ආදී ක්‍රියා නිසා ඉහළ පහළයාමක් පමණක් නොව තිරස් අතට චලනය වෙමින් තිරස් චලන ද නිර්මාණය කරන බව ය.
ග්ලැසියර් වැනි දේ වසර දහස් ගණන් පෘශ්ඨය මත තැම්පත්  වීම නිසා කලකදී ඒවා ඒ බරින් පහත් විය. පසුව මෙම ග්ලැසියර ක්‍රම ක්‍රමවෙයන් දියවී යාම හේතු කර ගෙන අර භූමිවල තිබු බර සැහැල්ලු වී එසවෙන්නට පටන් ගනී භූ විද්‍යාඥයන් විග්‍රහ කරන ආකාරයට වසර දසලක්ෂයකට ඉහත ප්ලයොස්ටොසින නම් යුගයේදී යුරෝපය මතුපිට තිබු බවට විශ්වාස කරන ඉතා තද ග්ලැසියර තට්ටුවේ බරට පහත් විය. පසුව ග්ලැසියරය දියවි ගිය පසු අද පවා මේ භූ ස්කන්ධය නැවත එසවෙමින් තිබේ. මේ ආකාරයට මහද්වීපික කොටස් ඉහළ පහළ යාම කෙරෙහි මේ චලන බලපා ඇත.නැත්නම් එසේ ඉහළ පහළ යන චලන වලට මේ නම භාවිතා කරති. සිරස් භූ චලන නිසා නිර්මාණය වන්නේ විශාල පරිමාණයේ භූ රෑප වන සානු , ද්‍රෝණි (පළිහ හා කුට්ටි) වැනි ඒවා වන අතර ඉහළට එසැවෙන විට සානු ද පහළට ගිලා බසින විට ද්‍රෝණි ද නිර්මාණය වේ.
සානු:-
o   අප්‍රිකානු සානුව
o   රුසියානු වේදිකාව
o   ඉන්දීය අර්ධද්වීපික සානුව

ගොඩබිම් ද්‍රෝණි:-
o   උතුරැ ඇමරිකාවේ නොවාඩා ද්‍රෝණිය
o   උතුරැ ඇමරිකාවේ ඌටා ද්‍රෝණිය
o   අප්‍රිකාවේ චැඩ් ද්‍රෝණිය.
o    අප්‍රිකාවේ කොංගෝ  ද්‍රෝණිය.
o   පැරිස් ද්‍රෝණිය.

මුහුදු ද්‍රෝණි:-
o   මධ්‍යධරණි ද්‍රෝණිය
o   කැස්පියන් ද්‍රෝණිය.

·       තිරස් හෙවත් ආංශීක චලන (පර්වතකාරක භූ චලන)
අභ්‍යන්තරයේ ඇතිවන බලවේග ක්‍රියාත්මක වන්නේ තිරස් අතට නම් එය තිරස් බලවේගයක් වේ. පෘථිවියේ දුර්වල පෘෂෘණ කොටස් තිරස් බලවේග නිසා පවතින හැඩයෙන් වෙනස් වේ. මේවා වර්ග දෙක කි.

  • ආතතීය බල සහ චලන.      සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ බලවේගයන්ට නතු වීමෙන් පාෂාණ ස්ථර රැළි ගැසී නැමේ.
  •   සම්පීඩන බල සහ චලන.     සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ නිසා පැලීමට ලක් වී එකිනෙකින් ඈත් වේ. එක තැනක සම්පිඩනයක් ඇති වන විට ඒත් සමඟ ම තවත් තැනක (එම ඈත් වීම නිසා ම, එය හේතු කොට ගෙන ම) ආතතීය බලවේගයක් ඇති විය හැක.
 නග්ණිකරණ මඟින් ඛාදිත ද්‍රව්‍ය (භාරය) පහත් බිම් වල තැම්පත් වන විට ඒවා බරින් වැඩි ය. නමුත් ඛාදනය වු භූමියේ සැහැල්ලු වීම නිසා ඒවා එසවෙමින් එකිනෙකට ලං විය හැක. එවිට මැද පිහිටි ඛාදිත ද්‍රව්‍ය තිබෙන තැන සම්පීඩනය වෙමින් රැළි ගැසේ (නැමි ඇති වේ). මෙලෙස මේ තවදුරත් සම්පීඩනය වන විට නැමීමට ඇති අවකාශය පටු නිසා (ආතතීය නිසා) නැමි කඳු ලෙස උතිකිෂිප්ත(ඉහළට එසවීම) වීම සිදු වේ.මෙසේ ඇති වු කඳු ලෙස පීරනීස්-ඇල්පයින්-හිමාලයා නැමි කඳු හඳුනා ගැනේ. ඒවා අංගාරාලන්තය හා ගොඩ්වානාලන්තය  අතර පිහිටි ටේටිස් මුහුදේ (මේ භූමි දෙක හා සාගර පෘථිවි ඉතිහාසවය් තිබු මුල්ම භුමි හා සාගරික ද්‍රෝණිය වේ. ඒ විහාල මුල් භූමි බිඳි ගොස් පාවී අද පවතින හැඩයට ලෝකයේ මහද්විප හා සාගර පිහිටා ඇත. භූ කාරක තැටි කල්පිතයෙන් ද, ඇල්ෆඩ් වෙබර් ගේ මහද්වීප ප්ලවන කල්පිතයෙන් පැහැදිලි කරන්නේ ද මෙයයි.)තැම්පත් වු අවසාදිතයන් ඇසුරින් නිර්මාණය වී ඇත. රොකී- අන්දිස් කඳු ද මේ වැනිම කඳු වේ.
මෙවැනි විශාල කඳු පද්ධති ඇති කරන්නට මේවා බලපානවා සේ ම කුඩා ප්‍රමාණයේ සම්පීඩනය වීම් නිසා ද නොයෙක් අන්දමේ නැමි ඇති වේ. (ඒ ගැන ඊලඟ ලිපියේ සඳහන් වේ.)
නැමි වර්ග හඳුනා ගන්නේ ඒවායේ හැඩය, නැම්මේ ස්වභාවය, සමමිතික බව, ආදි ලක්ෂණයන් සලකා බලමිනි.
(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...


ලිපි පෙළට ම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.

·  1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

මේ පොත් බොහෝ දුරට පුස්තකාල වල තියෙන ඒවා. නමුත් පරිශිලනය ඉතාම අඩු හංදා ඒවායේ දැනුම සමාජ ගත වෙන්නේ නෑ. හැමවිටම න්‍යායෙන් සංකල්පයෙන් මෙන් ම අත්දැකීම් හා අත්විදිම් වලින් පෝෂණය වන තරමට තමා වටිනාකම වැඩි වෙන්නේ. අන්තර්ජාලයේත් ඕන තරම් විස්තර තියෙනවා.



මේ ලිපි මාලාවේ පිංතූර ටිකක් වැඩි විය හැකියි. මං උත්සහ කරන්නේ හැම දේකට ම උදාරණයක් පෙන්වන්න. අනික පුංචි පුංචි රෑපවලින් මේ දැවැන්ත ක්‍රියාවලින් පැහැදිලි වෙන රෑප දාන්නත් බෑ. ඉතිං ලොකු පිංතුර එක්ක තමා මේ වැඩේ කරන්න වෙන්නේ.
මේ තමා ආශ්චර්යමත් පෘථිවියේ පය ගහලා ඉන්න ගෙන්දගම් පොළොව  මැවුනු හැටි. දැවැන්ත පර්වත එකිනෙකාගේ හැප්පිලා තෙරපිලා හැදුණු හැටි.  මේවා අධ්‍යයනය කරපු භූගර්භ විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින් ඒවා අඳුන ගන්න විවිධ පදනම් අනුව වර්ග කළා. අපි මේ කියවන්න යන්නේ ඒ වර්ගකිරීම තමයි.
 අපට පාෂාණ ස්ථරවල නැමි නිරික්ෂණය කරන්නට අවශ්‍ය නම් මහා කඳු සොයමින් යා යුතු නැහැ. ඉතා කුඩා ප්‍රමාණයේ නැමි ඔබගේ ගෙවත්තේ ඇති කුමක් හෝ ඉදි කිරීමකට ගෙන ආ කළු ගල් කැබලිවල පවා තිබිය හැකියි. මේ අනුව පහසුවෙන් ම බොහෝ නැමි වර්ග අධ්‍යයනයට උදාහරණ සොයා ගැනීමට පුළුවන්.
 අනෙක් අතට නැමි වර්ග ගවේෂණය කිරීමට මැටි (ක්ලේ) වර්ණ කර තට්ටු වශයෙන් තබා දෙපසින් විවිධ ආකාරයට පීඩනයන් යොදමින් නැමි සඳහා ආදර්ශ නිර්මාණය කළ හැකියි. පාසල් සිසුන්ට අධ්‍යාපන ප්‍රදර්ශන සඳහාත් කණ්ඩායම් ව්‍යාපෘති සඳහාත් මෙවැනි දේ කළ හැකි අතර ඒ ආදර්ශ බාල සිසු පරපුර වෙත තිලිණ වශයෙන් තබා යන්නට හැකියි. කෙසේ වුවත් භූ රෑප විද්‍යාව ඉතාම රසවත් ක්ෂෙත්‍රයක් වන අතර ගවේෂණශීලි ක‍වරෙකුගේ වුව ද සිත් ඇද ගනී. භූ රෑප පිළිබඳ අධ්‍යයනය කරන්නා නිරන්තරයෙන් ම ඇවිද යන්නට සංචාරය කරන්නට සුදානම් වී සිටින්නෙකු විය යුතුයි.

‘වෙනස්වන’ බව වෙනස් කරන්න බෑ.

10 comments:

  1. obe westara niyamai, ediriyatath apita hodha lipi denna

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නැවතත් මේ පැත්තේ එන්න ඔබට ආරාධනා කරනවා.

      Delete
    2. ඉතාම වැදගත් ලිපි රැසක් ....තියෙනවා ....ගොඩක් හොඳයි ....
      මට කෙපන් /බියෝම /gis/gps/remote sensing ගැනත් දැනගන්න ඕනේ ...පුලුවන්නම් හැකි ඉක්මනින් ලිපි බලාපොරොත්තු වෙනවා ...ස්තුතියි .
      amilagox@gmail.com

      Delete
    3. ස්තූතියි ඔබට. ටික දිනකින් ලියන්නට නොහැකි උනා. ඔබ කියන්නාවු තේමා ඉතාම බරපතල හා දිගු තේමා බව ඔබම දන්නවා ඇති. අනික GIS / GPS ආදි දේ ගැන පැහැදිලි සටහන් සිංහලෙන් නෑ. මටත් ඉගෙන ගනිද්දි කියලා දිපු ඒවා ටිකක් විතරයි මතක. ඒ ටික දාලා පෝස්ටුවක් ලියන්නම්. ඔබ වැනි අය මේ මහපොළොවට කවදාක හරි ඒවි කියා මා සිතුවා. භුගොල විද්‍යාව / සංවර්ධන අධ්‍යයනය ඉගෙන ගන්න කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ...ඒ නිසා සතුටක් ඔබ මෙහි ඒම.
      තවත් ටික දවසකින් මහපොළොවට අළුත් ලිපි ලියන්නට පටන් ගන්නම්.

      Delete
    4. අනේ කෝ ලිපි ඉක්මන් කරන්න ....
      අහ්හ් තව මානුෂ භූගෝල විද්‍යාව පැත්ත ගැනත් ලිපි යොමු කරන්න ...
      මම නිතරම බලන්නේ මහපොළොවේ පොස්ටුවක් දාලද කියල ...
      මේ ක්‍රමය මට නම් ගොඩක් සාර්ථකයි ...
      amilagox@gmail.com

      Delete
    5. හොදයි මං ඉක්මනින් ලියන්නම්. ලිපි පෙළක් පටන් ගන්නයි මගේ අදහස...
      ස්තුතියි ඇවිත් මහපොළොව ගැන සොයා බලනවාට.

      Delete
  2. ගොඩක් වටිනවා ...................මගේ ආසම විෂයක් තමා ''geo''

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ඇවිත් කතා කරලා ගියාට. ආයෙත් දවසක මහපොළොව පැත්තේ ඇවිත් යන්න එන්න කියා ආරාධනා කරනවා.

      Delete
  3. ඔබගේ මේ බ්ලොග් එක් GAQ /BA කරන අපිට ගොඩක් වටිනවා. ජයවේවා

    ReplyDelete
  4. නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න මේ කරන දේට ඔයාට පිං බොහොම ස්තූතියි

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...